අගෝස්තුවේ ආණ්ඩුව කෑලි තුනකට කැඩෙනවා... රාජපක්ෂලා පන්නල අපි ආණ්ඩුවක් හදනවා.. ඒක ගලේ කෙටුවා වගේ විශ්වාසයි – මරික්කාර්
එළඹෙන අගෝස්තුවේ දී ආණ්ඩුව තුනට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.
මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වාමාංශික කණ්ඩායම එක් පසෙකටත් බැසිල් රාජපක්ෂගේ ගෝලයන් යැයි සිතා සිටි 50කට වැඩි කණ්ඩායමක් සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන ඇමතිවරු සහ තිස්ස කුට්ටිආරච්චි වැනි මන්ත්‍රීවරු හැර අනෙක් පිරිසත් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බවයි, මරික්කාර් හෙළි කළේ.
එය ගලේ කෙටුවා සේ විශ්වාස බව ඔහු අවධාරණය කළේ ය. ඒ අනුව බහුතරය විපක්ෂය වන බවත් එම විපක්ෂය එකතු වී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් රාජපක්ෂ පවුල පළවා හරින බවත් ඔහු අවධාරණය කළේ ය.
අගෝස්තුවේ ආණ්ඩුව කෑලි තුනකට කැඩෙනවා... රාජපක්ෂලා පන්නල අපි ආණ්ඩුවක් හදනවා.. ඒක ගලේ කෙටුවා වගේ විශ්වාසයි – මරික්කාර්
2022-01-28T08:02:00+05:30
Gossip Lanka Hot News





