බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව මීසම් ධර්මසේවා සභාව පවසයි. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් බොරැල්ල මීසම් භාර පියතුමන් වන ජූඩ් ශ්‍යාමන් පියතුමන් සහ මීසම් ධර්මසේවා සභාව පෙන්වාදෙන්නේ අදාළ පරීක්ෂණ සිදුවන ආකාරය පිළිබඳව ගැටලු සහගත බවය.
අදාළ සිදුවීම සිදුවූ ස්ථානයේ ඇති CCTV දර්ශනවලට අනුව සැකකරුවන් හඳුනාගැනීමට පොලීසියට හැකියාව තිබියදීත් එලෙස කටයුතු නොකිරීම ගැටලු සහගත බව එම නිවේදනයේම සඳහන් වෙයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට රජය සහ බලධාරීන් පියවර ගත යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
පසුගිය ජනවාරි 11 වන දින බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ මෙම සිදුවීම වු අතර ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ බොරැල්ල පොලීසිය විසින් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඊට අදාළව මේ වන විටත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් පලකරන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කර සිටියේ අදාල සිදුවීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ වැරදිකාරයෝ හොයාගන්නවාට වඩා රජයේ වගකිවයුත්තන් උනන්දු වී ඇත්තේ කාදිනල්තුමාට අපහාස කිරීමට බවයි.
