gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී ජනාධිපති කාලේ ගහපු ගේම් ගැන ෆයිල් 7ක් රවී කරුණානායක එළියට අදී (VIDEO)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධූරයේ සිටි කාලයේ තමන්ට බලපෑම් කළ බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අද (ජන. 11) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඔහු සඳහන් කළේ, එම සිද්ධි සම්බන්ධයෙන් සඳහන් කරුණු ඇතුළත් ලිපි ගොනු 7ක් තමන් සතුව ඇති බව ය.    

එම ලිපි ගොනුවල සඳහන් කරුණු අසත්‍ය නම්, ඒ සබන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස හිටපු අමාත්‍යවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අභියෝගයක් ද කළේ ය. 

"හිටපු ජනාධිපති සිරිසේන මැතිතුමා එක පාරට ක්‍රියාශීලී දේශපාලනයට අවතීර්ණ වෙලා කියලා පේන්න තියෙනවා. එතුමාගේ දේශපාලනය ඕන විධියට කළාට කමක් නැහැ. නමුත් ඒ කරන එක තුළ අනිත් අයගේ කීර්ති නාමය නැති කිරීම, අප එදා ඉඳන් ආරක්ෂා කරපු යූ.එන්.පී. එක නැති කරන්න හදන එක, එවැනි දේවලට ඉඩ තියන්නේ නැහැ. 

යූ.එන්.පී. එක අද හිතුමතේ විනාශ කරනවා. එතුමාට රටේ ආරක්ෂාව භාර දුන්න අවස්ථාවේදී ඇමති වශයෙන් රටේ ආරක්ෂාව නැති කළා. දැන් මෙවැනි සුදනෙක් වගේ හැසිරෙන්න හදනකොට අපිට යුතුකමක් තියෙනවා ඒවා පෙන්වා දෙන්න. 

එතුමාට මතක් කිරීම මම සතු කාර්යභාරයක් නිසා මම මේ අවස්ථාවේදී මේ ෆයිල් හත මෙතන තියෙනවා. මම ප්‍රසිද්ධ කරන්නේ නැහැ. නමුත් මම එතුමාට අවසන් වුණාට පසුව මම අභියෝග කරනවා මේකේ අසත්‍යතාවක් තියෙනවා නම්, එතුමාට ප්‍රසිද්ධ විවාදයකට එන්න මේ සම්බන්ධයෙන් විවාද කරන්න."

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා. 

"ඔබ සියලු දෙනාට මතක ඇති නොවැම්බර් මාසේ අග, දෙසැම්බර් මාසේ මුල ඩොලර් ලක්ෂ ගණන් ආවා කියලා ලොකු ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ඇති වුණා 2014. ඒ අවස්ථාවේදී එතුමා දන්නා කොම්පැනියක් එල්කාඩෝ කියන එකට සල්ලි ඇවිල්ලා තිබ්බා කියලා මහ බැංකුවේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා නේ ද? ඕක යම් විධියකට කාලයක් ගිහිල්ලා ඡන්දය අවසන් වෙනවා. අපි දිනනවා. ඒ ජයග්‍රහණය කිරීමෙන් තමයි මේ ප්‍රශ්න උග්‍ර වෙන්න පටන් ගන්නේ. ඊට පස්සේ ඕක ඇද ඇද ගිහිල්ලා, අද මේ මහා ලොකුවට ප්‍රශ්නයක් ලෙස මහ බැංකු ප්‍රශ්න තියෙනවා කියලා කිව්වාට මේක තමයි ආරම්භය. එවකට හිටපු මහ බැංකුවේ අධිපති අහක් කරනවා. අහක් කරලා තව එක්කෙනෙක් ගේනවා. ඊට පස්සේ වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඒක මොන කොන්දෙසියක්වත් නැති වුණා. ඒ ප්‍රශ්නේ එතැනින් අවසන් වුණා කියලා තමයි අපි දැනුවත් වුණේ. ඕවා තමයි මේ සුදු රෙදි ඇඳගෙන දේශපාලනය කරන්න හදන පුද්ගලයන් කරපු දේ.

දෙවන එක තමයි, සිගරට් සම්බන්ධයෙන් පුදුම වෛරක්කාරයෙන් දේශපාලනය කළේ. රෙස්ටුරන්ට් බාර් එහෙම දෙන්න එපැයි කියලා අණ දුන්නා මට. මම ඒක ත් අගය කරනවා. නමුත් නොදැනුවත්ව 2015 ජූනි මාසයේ ඉහළින් ම ලියුම් එවනවා, සුරාබදු දෙපාර්තමේන්තුවට තමන්කඩුවේ FL11TB AFL ලයිසන් එකක් දෙන්න කියලා. මේ අපට අනිත් අයට කරන්න එපා කියලා ඔන්න ඉදිරිපත් කරනවා. මෙන්න තියෙන සාක්ෂි. එතුමාගේ ඥාතියෙක්ට තමයි ඒක ලැබිලා තියෙන්නේ. කවුද කියලා ඔබතුමාලා දන්නවා ඇති.

තුන්වෙනි එක තමයි යකඩ හදන කොම්පැනි දෙකක් තියෙනවා. එකක් ඉන්ටර්ග්‍රේටඩ් කොම්පැනියක්. මුල ඉඳන් අග වෙනකම් බදු ගෙවලා කරන කොම්පැනියක්. තව එකක් තියෙනවා කෑලි එකතු කරලා ඒක යකඩ කරලා ඒකට තියෙන යකඩ විකිණීමේ වැඩපිළිවෙළක්. අපි රටට බදු අවශ්‍ය නිසා මේවයින් පුළුවන් තරම් බදු ගන්න හැදුවා. නමුත් නිර්දේශ කරනවා දෙලක්ෂ හැට පන්දහසක් ඩියුටි වේවරයක් දෙන්න කියලා. කොහොම ද මේවා දෙන්නේ? දුන්නේ නැති නිසා අපිට ප්‍රශ්න ඇති කරනවා.     

නැව් දෙකක් ආව කියලා බොරු චෝදනා ඇති කළා. කොහේ එන්න ද?

හතර වෙනි එක තමයි, මම පුනර්ජනනීය ඇමති වශයෙන් කටයුතු කරනකොට සූර්ය බලශක්ති ව්‍යාපෘති ගණනාවක් ඇති කළා. හැබැයි ඉදිරිපත් කරනවා ටෙන්ඩර් නැතුව යූ.එස්. ඩොලර් 150ක් ඒ කියන්නේ කෝටි 300ක් තියෙන ටෙන්ඩරයක් රහිතව අපිට ඉදිරිපත් කරන්න කියලා අවසර දෙන්න කියලා. මට මේ සම්බන්ධයෙන් පෙන්නන්න පුළුවන් වෙන්නේ කැබිනට් පත්‍රිකාවක්. මේ එතුමාගේ අත්සන.      

ඒ වගේ ම තමයි ෆීල්ඩ් මාෂල් මැතිතුමා. මතකයි අවුරුදු එක හමාරකට පස්සේ එනවා කැබිනට් එකට. ඒ එන අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයෙන් ඉදිරිපත් කරලා තිබ්බා බුලට් පෲෆ් වෙහිකල් එකක් දෙන්න කියලා. සල්ලි අපි වියදම් කරන්න අකමැති නිසා පරණ වෙහිකල් එකක්  අලුත්වැඩියා කරලා කටයුතු කරන්න කියලා. ඒකට සල්ලි මම මුදල් ඇමති වශයෙන් වෙන් කරනකොට දෙන්න එපැයි කිව්වා. 

අන්තිමට එදා ඡන්ද කරන අවස්ථාවේදී මහ ඇමතිවරු හිටියේ වෙනින් පැතිවල නේ. එතුමා නිර්දේෂ කරනවා මට මහ ඇමතිවරුන්ට සල්ලි දෙන්න එපැයි කියලා. මේක අවුරුද්දක් විතර යනකොට මහ ඇමතිවරු අහනවා ඇයි මේ ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නැත්තේ කියලා. අපි ශීලාචාර දේශපාලනයක් කරනකොට කියන්න පුළුවන් ද මේවා තමයි කිව්වේ කියලා? 

වේදිකා ගාණේ යනවා අද යනවා කියා කියා වෙනින් කතන්දර. එතුමා විතරයි තනියෙන් දේශපාලනය කරන්නේ. රටට කියනවා මට හිටියේ නැහැ ලු කැබිනට් එකේ. මට අගමැති කෙනෙක් හිටියේ නැහැ ලු. මට විපක්ෂයක් හිටියේ නැහැ ලු. ආණ්ඩුවක් හිටියේ නැහැ ලු. අනේ දෙයියනේ කොහොම ද පත් වුණේ? යූ.එන්.පී. ඡන්දවලින් නොවෙයි ද?   

රටට සැබෑ තත්ත්වය පෙන්නන්න. මෙන්න මේ දේශපාලනය කරන්න හදනවා SLFP එකෙන්.  

චන්ද්‍රිකා කුමාරතුංග තමයි නම් කළේ මෙවැනි පුද්ගලයෙක් අපි ගේමු කියලා. අවුරුද්දක් යන්න ඉස්සෙල්ලා හිරිහැර කරන්න පටන් ගත්තා. ඔබ තුමාට මතක නැද්ද? මම ඒ අවස්ථාවේදී කටයුතු කරන කොට ගෙදර ඇවිල්ලා කොත්තමල්ලි බීලා ඡන්දෙට නාම යෝජනා දෙන්න හදන අවස්ථාවේදී පක්ෂයක් තිබ්බේ නැහැ. අපි පක්ෂයේ හංසයා ත් ලබලා දුන්නේ, ඔබ තුමාට මතක නැද්ද? උදව් කරන ඕනේ එක්කෙනෙක්ට වැඩියෙන් ම හානි කරන්න හදන පුද්ගලයෙක් තමයි මෙවැනි ගුණමකුවෙක් වශයෙන් මතක් කරන්න පුළුවන්."

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේ ය.     

"ඊට වැඩිය ලොකු ප්‍රශ්නයක් අද අහිංසක 350කට, 400කට වැඩිය අසරණ වෙලා. 100කට වැඩිය පාස්කු බෝම්බයෙන් නැති වෙලා. එදා කවු ද ආරක්ෂක ඇමති? මෙතුමා. මෙතුමා අවුරුද්දක් කටයුතු කරගෙන ඒ තියෙන තොරතුරු අපි කැබිනට් මණ්ඩලයේ හිටියා අපිටවත් කියවන්න ලැබුණේ නැහැ. ඒවා දැනගෙන නොදැනුවත් වගේ හැසිරිලා කියන්නෙ ත් නැතුව සිංගප්පූරු ගිහිල්ලා, ප්‍රශ්නයක් තිබ්බා ම අපි ඔක්කෝම එකතු වුණා එදා රෑ ආරක්ෂක මණ්ඩලය වශයෙන්. එදා හිටපු ආරක්ෂක ලේකම් සහ ඒ ඉන්න හමුදාපතිවරුන්ට අගමැති ඉන්න රැස්වීමට යන්න එපැයි කියපු නායකයෙක් තමයි සිටින්නේ. අර යූ.එන්.පී. කාරයාට වෛරයක් ඇති වෙන්නේ නැද්ද මෙවැනි දේවල් කරන කොට?"


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka