gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ට ජාතික ආණ්ඩු ලෙඩේ තදටම : ඔක්කොම එකතු වෙමු යැයි වහෙන් ඔරෝ බාසාවෙන් කියයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු කරණ පොදුජන පෙරමුණ සමග ජාතික ආණ්ඩුවකට කුරුමානමක් අල්ලන බවට රාවයක් තිබෙනවා.

ජනපතිගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයේදී වික්‍රමසිංහ මහතා කළේ ඒ බැව් තහවුරු කරන කතාවක්.

ඇමතිගේ ආදර්ශය

තමන්ට පෙර කතා කළ ඇමතිවරයා වැදගත් කරුණු රැසක් සඳහන් කර බව සිය කතාවේදී පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා මේ පාර්ලිමේන්තුවේ ශක්තිය තුළින් අලුත් මාර්ගයක් , අලුත් රාමුවක් සෙවීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා සාකච්ඡා කර , දීර්ඝ කාලීන ප්‍රතිපත්ති මූලධර්ම සහිත රාමුවක් ඇති කරගත යුතු බව යෝජනා කළා.

එහිදී වික්‍රමසිංහ මහතා සඳහන් කළ තමන්ට පෙර කතා කළ ඇමතිවරයා වූයේ උදය ගම්මන්පිල ඇමතිවරයායි.

ගම්මන්පිල ඇමතිවරයාද සඳහන් කළේ ජාතක පොතේ වටු කුරුල්ලන්ගේ කතාව මෙන් පක්ෂ , පාට භේද හා පුද්ගලික දේශපාලන අරමුණු පසෙකලා රට ගොඩ ගැනීමේ දැල පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් සියලු දෙනා විසින් උස්සාගෙන යා යුතු බවයි.

දෙවැනි සැසියේ අරමුණ

සිය කතාවේ දී වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුව සාමූහිකව තීන්දු ගැනීමට එකඟ වුණොත් නව යුගයකට යා හැකි බවත් ඒ යථාර්ථය හඳුනාගෙන මේ දෙවැනි සැසිවාරයේ සිට අපි ක්‍රියාත්මක වෙමු යන්නයි.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව රැකීමේ හෝ ආණ්ඩුව වැට්ටීමේ අවශ්‍යතාවයක් නැති බවත් සිය කතාවේ දී සඳහන් කළ වික්‍රමසිංහ මහතා වැටී සිටින ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නා.

ජාතික ආණ්ඩු රාමුව

වික්‍රමසිංහ මහතා යෝජනා කරන්නෙත් පාර්ලිමේන්තුව ආණ්ඩු - විපක්ෂ භේදයකින් තොරව එකට එක්වීම පවතින අර්බුදයට විසදුම් සෙවිය යුතු බවයි.

වික්‍රමසිංහ මහතා නොකියා කියන්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයක් අනවශ්‍ය බවත් සියල්ලන්ම රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් විය යුතු බවත්ය.

වික්‍රමසිංහ මහතා සිය කථාව අතරතුර ජනපතිවරයාගේ රාජාසන කතාව විවේචනය කිරීමටද අමතක නොකලේ තමා මධ්‍යස්ත මත දරන ආණ්ඩු විරෝධියකු බව පෙන්වීමටයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka