gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොඳම විසඳුම ගම්මන්පිලට විදුලිබල දීලා ලොකුගේට බලශක්ති දෙන එකයි – ඩිලාන්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට සහ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට තිබුණේ වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් උද්ගතව ඇති ප්‍රශ්නය මාධ්‍ය ඉදිරියෙහි නොව පෞද්ගලිකව කතාබහ කර විසඳාගැනීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

”ගම්මන්පිල ඇමතිතුමාටයි ලොකුගේ ඇමතිතුමාටයි කාමරේකට ගිහිල්ලා, දෙන්නා කතා කරගෙන, අපි මේක මෙහෙම කරමුයි කියලා යෝජනා කරන්නයි තිබුණෙ මේ අපේ යාළුවො ඉස්සරහාපිට ඇවිල්ලා මේක කියන්නෙ නැතුව. දැන් සාමාන්‍යයෙන් බලන කෙනෙකුට පෙනෙන්නේ ගම්මන්පිල මහත්තයා වෙන ආණ්ඩුවක, ලොකුගේ මහත්තයා තව ආණ්ඩුවක කියලානෙ. මේ අපේ ආණ්ඩුවෙ බලශක්ති ඇමතියි විදුලිබල ඇමතියිනෙ ? ඕකට හොඳම විසඳුම තමයි කැබිනට් සංශෝධනය කරනවා නම් ගම්මන්පිල විදුලිබල ඇමති කරලා ගාමිණී ලොකුගේ බලශක්ති ඇමති කරන එක. එතකොට වැඩේ හරියට වෙයි”

ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka