බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පසුගිය 12 දා හමුවූ බෝම්බය සම්බන්ධව සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කළ යුතු ආකාරය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත උපදෙස් ලබා දී ඇත්තේ බස්නාහිර පළාතේ ඉහළම පොලිස් නිලධාරියෙක් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.
මේ පරීක්ෂණවල ඇති අතාර්කික ස්වරූපය සම්බන්ධව ඊයේ ( 13) සවස පුවත් පත් සාකච්ඡාවක් කැඳවූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් සී.සී.ටී.වී දර්ශනත් සහිතව කළ දැඩි විවේචනාත්මක හෙළිදරව්ව නිසා පොලිසිය දැඩි ලෙස නොසන්සුන් වී ඇති බවත් ඉහත නිලධාරියාගේ උපදෙස් අනුව සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් විමර්ශනය මෙහෙයවූ විමර්ශකයන් කීපදෙනෙකුට ස්ථාන මාරු ලබා දී එල්ල වී ඇති විවේචනයෙන් බේරීමට මේ වනවිට කටයුතු සිදුවෙමින් ඇති බවත් දැනගන්නට ඇත.
කාදිනල්තුමා කළ හෙළිදරව්ව පහත දැක්වේ…
මෙම පුද්ගලයන් රැඳවුම් නියෝග මත රඳවා නොගන්නා ලෙස ඉහළින් උපදෙස් ලබා දී තිබුණත් කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් ඔවුන් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත.
මේ සිද්ධිය ගැන සීසීටීවී දර්ශන ඉදිරිපත් කරමින් කාදිනල්තුමා දීර්ඝ හෙළිදරව්වක් කළ අතර දැනට අත්අඩංගුවට ගෙන සිටින 13 හැවිරිදි පාසල් සිසුවාට කරන්නේ බරපතල අපරාධයක් බවත්, ඔහු එතැන අලවා තිබූ සෙලෝටේප් පටියක් ගැලවමින් සිටි අසරණ දරුවෙක් බවත් මේ අවස්ථාවේ පල්ලියේ ප්‍රධාන පියනම ප්‍රකාශ කළේය.
13 හැවිරිදි දරුවා ගැන කාදිනල් තුමා කළ හෙළිදරව්ව..
උපුටා ගැනීම : lankasara
