රටේ ජනපතිවරයා මේ අර්බුදකාරී අවස්ථාවේ කළ යුත්තේ කුමක්දැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.
පාස්කු ප්‍රහාරය
2019 වන විට තම ආණ්ඩුව රටේ ආර්ථිකය සාදා තිබූ බව මතක් කර දෙන වික්‍රමසිංහ මහතා ඒ වර්ෂයේ එල්ල වූ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් ආර්ථිකයේ බරපතළ වැටීමක් සිදු නොවුණේ ඒ නිසා බවයි අවධාරණය කරන්නේ.
2019 වන විට රටේ ආර්ථිකයේ ඒ තත්ත්වයට ගෙන ඒමට හැකි වූයේ ලෝකයේ අන් රටවල් සමග සහයෝගයෙන් වැඩ කිරීම නිසා බව සඳහන් කරන වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුවේ ජාත්‍යන්තර සබඳතා වල තිබෙන අඩුපාඩුවද පෙන්වා දෙනවා.
වැරදුණ තැන
මේ ආණ්ඩුව මුහුණ දෙන ප්‍රශ්න අතර ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ලොව බලගතු රටවල් රැසක් එකවර තරහා කර ගැනීම බවයි ඔහු අනාවරණය කරන්නේ.
තමා එකවර ඉන්දියාව , චීනය , ඇමරිකාව , ජපානය හා යුරෝපය තරහ නොකර කර ගැනීමට කටයුතු නොකරන බවයි හිටපු අගමැතිවරයාගේ මතය වන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ පුද්ගලික රූපවාහිනී සේවාවක් හා කළ සාකච්ඡාවකදී "ඔබ මේ වෙලාවේ රටේ ජනපති නම් මොකද කරන්නේ" මැයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්.
