gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මේක නම් භයානකයි! ලංකාවට ගේන සිමෙන්ති තත්ත්ව පරීක්ෂාවක් කරන්නේ නැතිලු!

මෙරටට ආනයනය කරන සිමෙන්තිවල ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) පවසයි. ප්‍රධාන වශයෙන් සිමෙන්ති ඇතුලු ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන එන්නේ ඉන්දියාවෙනි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය කියා සිටියේ ආනයනය කරන ලද සිමෙන්ති දැඩි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවන බවයි.

එබැවින් සිමෙන්ති තොග ගොඩබෑමට පෙර තත්ත්ව පරීක්ෂාවක් සිදු කර ඇත්නම් ඒ පිළිබඳ වාර්තාවක් පෙන්වන ලෙස ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය වගකිවයුතු බලධාරීන්ට අභියෝග කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සිමෙන්ති කොට්ටවල තත්ත්ව පරීක්‍ෂා කළ බවට තහවුරු කරන ලේබල් මුද්‍රණය කර ඇති නමුත් ගොඩබෑමට පෙර සිමෙන්තිවල එවැනි තත්ත්ව පරීක්‍ෂා කිරීමක් සිදුවන්නේ නැත.

ප්‍රමිතියෙන් තොර සිමෙන්ති මෙරටට ඇතුළු වුවහොත් සිදු විය හැකි හානිය පසුගිය කාලයේ සිදු වූ ගෘහස්ථ ගෑස් පිපිරීම්වලට වඩා විශාල වනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පෙන්වා දෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka