BREAKING : විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස් වෙයි
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, විදුලි බල මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ද තමන් ඉල්ලා අස් වන බව ය.
ඒ අනුව, පෙබරවාරි මස 2 වන දා සිට තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ඔහු දන්වා ඇත.
ෆර්ඩිනැන්ඩු මහතා අදාළ ලිපියේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, පෞද්ගලික කාරණාවක් හේතුවෙන් තමන් මෙලෙස ඉල්ලා අස් වන බව ය.
මේ සම්බන්දයෙන් කළ විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා ද මේ බව තහවුරු කළේ ය.
BREAKING : විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස් වෙයි
2022-01-26T12:03:00+05:30
Gossip Lanka Hot News




