වරෙන්තු පිට හිටපු එතනෝල් ජාවාරම්කරුවකු කටුනායකින් හොරෙන් අරන් ආ රාජ්‍ය ඇමැතියි-කොළඹ මන්ත්‍රී ගැනයි ජනාධිපති ගන්න යන තීන්දුව!
අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් ලබා සිටි ක්‍රිෂාන් පීරිස් නැමැති එතනෝල් ජාවාරම්කරුවකු හොර රහසේ ලංකාවට ගෙනැවිත් කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා රැගෙන ආ රාජ්‍ය අමාත්‍යවරයා සහ කොළඹ දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා පියවර පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත.
මෙම ක්‍රිෂාන් පීරිස් නැමැත්තා ඩුබායිහි සිට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමග කටුනායකට පැමිණ ඇති අතර එතැන් සිට රාජ්‍ය අමාත්‍යවරයා විසින් බාරගෙන ඇති බවද දැනගන්නට තිබේ.
පසුව මෙම පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරවා ඔහුට අවශ්‍ය ඇප ලබා ගැනීමද මෙම රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකොට ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා විසින් දැනටමත් ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති බවක්ද වාර්තා වේ.
වරෙන්තු පිට හිටපු එතනෝල් ජාවාරම්කරුවකු කටුනායකින් හොරෙන් අරන් ආ රාජ්‍ය ඇමැතියි-කොළඹ මන්ත්‍රී ගැනයි ජනාධිපති ගන්න යන තීන්දුව!
2022-01-18T17:22:00+05:30
Gossip Lanka Hot News





