යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලික සැලැස්මේ විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පරිදි අගමැති තනතුරක් යෝජනා කර තිබෙන බවත්, ඒ අනුව දැනට පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි වනු ඇති බවත් වාර්තා වෙයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට පත් කෙරුණු ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ක‍්‍රමය ඇතුළත් කර නැති හෙයින් නව ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක‍්‍රමය ද අහෝසි වනු ඇත.
පෙබරවාරි මස මුල් සතියේ දී මෙම කමිටුව සිය මූලික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දීමට නියමිතය. මෙම වසරේ දී ම නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.
ඉන්දියානු උවමනාව මත ඇති කළ පළාත් සභා ක්‍රමයට ජනතාව අතර දැඩි විරෝධයක් පවතින අතර එය බෙදුම්වාදී බලවේග ශක්තිමත් කරන බවට ද චෝදනා නැඟෙයි.
උපුටා ගැනීම : emanisa
