ගිවිසුම්ගතව මෙතෙක් ආනයන කර නොමැති නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් ලක්ෂ තිස් නවයක් ආනයනය කිරීම අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය
මෙම නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කළේ මහකන්නය ආරම්භයේදීය. මහ කන්නයේ වී වගාව සඳහා නයිට්‍රජන් අවශ්‍යතාවක්
නොමැති බව පොහොර උපදේශක කමිටුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
එක්සත් ගොවිජන භාරය මෙම දියර පොහොර ආනයනය කර ඇත. මිලි ලීටර් 500 බෝතල් හතළිස්දෙලක්ෂ පනස් දහසක් (4250000) ආනයනය කිරීමට ගිවිසුම් ගත වී තිබුණි. එහෙත් මේ වන විට ආනයනය කර ඇත්තේ බෝතල් තිස් ලක්ෂ හයදහස් හාරසිය පනස්
හතරක් (306454) පමණි.
ඉතිරි බෝතල් ලක්ෂ තිස් නවය ජනවාරි 31 වැනිදා වන විට ආනයනය කිරීමට නොහැකි බවද සමාගම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ඒ අනුව ආනයනයට වැඩිපුර ගෙවා ඇති රුපියල් ලක්ෂ 500ක මුදල යළි අය කර ගැනීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත.
