gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොලඹ කුලපතිකම බාර ගත්තෙ ජනාධිපතිට ගෞරවයක් හැටියටයි.. මං තනතුරු පස්සෙ යන්නෙ නෑ - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය තමන් වහන්සේ විසින් බාර ගත්තේ ජනාධිපතිතුමන්ට කරන ගෞරවයක් වශයෙන් බව කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති නාරාහෙන්පිට අභයාරාම වාහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු උන් වහන්සේ පිළිගැනීම උදෙසා පැවති ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ‘යතිවර හරසර’ උත්සවය අමතමිනි එමියන් මෙම අදහස් පල කලහ.

එහිදී හිමියෝ මෙසේද කීහ.

ගරු ජනාධිපතිතුමනි ඇත්තෙන්ම මේ ඔබතුමා ලබා දුන් පදවිය, මම මේ පදවි සොයා යන හිමිනමක් නෙමෙයි. නමුත් ඔබතුමාට කරන ගෞරවයක් වශයෙන් තමයි මම ඒක බාරගත්තේ.  ඒ නිසා මම ඔබතුමාට මුලින්ම ස්තූතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර පිරිනැමීම පිළිබඳව.

ඒ වගේම ඒ ධුර කාලය තුළ මම බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල වශයෙන් අපේ අගමැතිතුමා කිව්වා වගේම මම දැනටමත් සුදානම් කරලා තියෙනවා ශිෂ්‍යත්ව 1000 ජනවාරි මස ඉඳලා ආරම්භ කරන්න. ඉතින් විශ්වවිද්‍යාලය දියුණු කරන්නටත් මම කල්පනා කරලා තියෙනවා.

ඒ වගේම මම එදා ඔබතුමාගෙන් ඉල්ලීමක් කළා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් හදන්න ඉඩම් කැබැල්ලක් ලබල දෙන්න. එහෙම ලබල දුන්නොත් එයත් අපට කරන්න පුළුවන්.

මම හිතනවා ඔබතුමා  ඉතා ගෞරවයෙන් එම ඉල්ලීම පිළි අරගෙන අපි ඒක කරමු කියන සංකල්පය මට ලබා දුන්නා. ඒකට මම ඔබතුමාට ස්තූති වන්ත වෙනවා.

මම අපේ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා. අපි දන්නවා  ආණ්ඩුවේ නොයෙක් අඩුපාඩු දුර්වලකම් තිබුණා. අපි ඒවා පොඩ්ඩක් අමතක කරලා අපි මේ යන ගමන ශක්තිමත්ව යන්නට ඔබ වහන්සේලාගේ සහයෝගය අවශ්‍යයි. මොකද අපට අවශ්‍ය මේ  රට එක එක්කෙනාට  බෙදා දීම නෙමෙයි, වෙන් කර දීම නෙමයි, එක එක දේශපාලන පක්ෂවලට ලබා දීම නෙමෙයි, මේ රටට අප ආශිර්වාදයක් වන විදියට අපේ ජනතාවට ආශිර්වාදයක් වන විදියට ඒ වාගේම අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් තිබුනානම් රට හදමු කියන එක, අපේ මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවොත් හැමදාම මතක් කළේ  ‘‘මිනිහා හදා රට හදමු’’ කියන සංකල්පයයි. අන්න ඒ සංකල්පයත් ඇති කරගෙන අපි නැවත වාරයක් ගමනට ආරම්භයක් ඇති කරමු.

මං දන්නවා ඔබවහන්සේලාගේ හිත්වල නොයෙක් විදියේ කලකිරීම්  ඇති වෙලා තියෙනවා නමුත් අපි ඒ කලකිරීම් සියල්ලක්ම  නැති කරලා දාල මේ රට ගොඩ ගන්නට මේ රට ඉදිරියට ගෙන යන්නට අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරමු කියන සංකල්පයත් මම ඔබවහන්සේලාට මතක් කරනවා. ඔබවහන්සේලා  වෙනුවෙන් අපට ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් අපි ක්‍රියාත්මක කරන්න සුදානම් වෙනවා කියන එක මතක් කරමින් අපි හොඳ ගමනක් යන්න  හැමදෙනාම එකට එකතුවෙලා අධිෂ්ඨාන කරගමු.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka