gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෛත‍්‍රී පොහොට්ටුව අතහරී… තමනට නොබෙල් ත්‍යාගය ලැබෙන්න තිබූ බවත් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඉදිරියට යළිත් තරග නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඉදිරියේ දී නව සන්ධානයක් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ නොමැතිව ගොඩනගන බව ද හෙතෙම පැවසීය.

අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලනය පිළිබඳව රටම කලකිරීමකට ලක්ව ඇති බවත් පොහොට්ටුව ගැන කලකිරීමට පත් නොවූ කිසිවෙක් නැති බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

තමන් ජනාධිපති සමයේ තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට තිබූ අවස්ථාව අහිමි කළේ එවකට ආණ්ඩුවේ අනිත් පාර්ශ්වය බවට ද ඔහු චෝදනා කළේය.

නොබෙල් සාම එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබා දෙන ලෙස එම පිරිස් ඉල්ලීම් කිරීමෙන් එය අවුල් සහගත තත්ත්වයකට පත්කරන ලද බවද සිරිසේන මහතා තවදුරටත් එහිදී කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka