අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පවරා තිබු තවත් නඩු 03 කින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කළේය.
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකුල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදීම තුළින් රජයට රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව මෙම නඩු තුන ගොනුකර තිබුණි.
එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබේ.
පසුගිය වසර දෙක තුළ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් ගොනුකළ නඩු 50ක් ඉල්ලා අස්කරගෙන ඇතැයි ද මීට පෙර අධිකරණය විසින් ප්‍රකාශ කර තිබිණි.
