gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන මම රටට කිව්වේ බොරු – අසේල සම්පත් අධිකරණයට කියයි

ඇස්ට්‍රාසෙනෙකා එන්නතට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට ජනතාවට දෙන්නේ යැයි තමා කළ ප්‍රකාශය අසත්‍ය බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල හමුවේ ඊයේ (27) ප්‍රකාශ කළේය.

‍යූටියුබ් සමාජ ජාලයේ පළ වූ ප්‍රකාශයකට අනුව තමන් මේ ප්‍රකාශය කළ බව ද සැකකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

සිද්ධිය ඊයේ (27) නැවත කැඳවූ අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායකයාගේ පුතුගේ ජංගම දුරකතන රහස් ‍පොලිසිය භාරයට ගෙන ඇතත් මේ දක්වා එය මුදා හැරීමට කටයුතු නොකළ බවත් සැකකරු අධිකරණය හමුවේ චෝදනා පිළිගැනීමට කැමැත්ත පළ කරන බැවින් අදාළ ජංගම දුරකතනය මේ නඩුවට අදාළ නොවන බවය.



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka