gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලේකම්වරු හා සභාපතිවරු ගැන බුද්ධි අංශ හොයන්න පටන් ගනී!

නීති විරෝධී ආකාරයට සුඛෝපභෝගී වාහන දෙක තුන පාවිච්චි කරන අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා සභාපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් 140 කට ආසන්න පිරිසක් පිළිබඳව බුද්ධි අංශ රජයේ ඉහළ පෙළේ ප්‍රධානීන්ට විශේෂ වාර්තාවක් මගින් දැනුම්දී ඇත.

මේ අනුව රජයේ වාහන අයථා ලෙස භාවිතා කිරීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව වාර්තා වේ.

සමහර නිලධාරීන් තමන්ට නිල බලෙන් ලැබෙන වාහන තම පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා යොදවා අමාත්‍යාංශ සහ ආයතනවල සංචිතවල පවතින වාහන පාවිච්චි කරන බවට තොරතුරු ලැබී ඇති බවත් දරුවන් රැගෙන ඒමට පැමිණ පාසල් අවට නවතා තිබූ එවැනි සුඛෝපභෝගී වාහන ගණනාවක් පිළිබඳව රජයේ බුද්ධි අංශ ඒවායේ ඡායාරූපද සමග රජයට කරුණු ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇත.

පවුලේ සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා ලබාදී ඇති වාහන රැසකට විවිධ අනතුරු හේතුවෙන් පසුගිය කාලයේදී අලාභහානි සිදුවී ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ .

රජයේ වාහන අයථා ලෙස භාවිතා කර ඇතැයි පැවසෙන ප්‍රධානීන් කිහිප දෙනකුට ඒ සම්බන්ධයෙන් විනය බලධාරීන් විසින් දැනටමත් අවවාද කරනු ලැබ ඇත.

අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩලවල වාහන අවභාවිතාව නිසා වසරකට රුපියල් කෝටි 200කට වැඩි මුදලක් නාස්ති වන බවට රජය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

-mawratanews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka