gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඉමදූව පොලිස් ලොක්කාට සීතල මාරුවක්!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ පොලිස් ස්ථානාධිපතිවරයා, බීමත් තම මිතුරු පුද්ගලයෙකුට අනිසි ලෙස සහායක් දැක්වීමේ සිදුවීමක් පිළිබඳ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යය හා ජනමාධ්‍යය හරහා දක්නට ලැබුණා.

මෙම බීමත් රියදුරා අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සමඟ එකට ම මත්පැන් පානය කර තිබූ අතර, එය අවසාන වී තම මෝටර් රථයෙන් පිටත් වූ බීමත් පුද්ගලයා ව ඉමදූව පිවිසුම අසල දී පොලිස් නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් වී තිබුණා.

නමුත් ඉමදූව අධිවේගයේ ස්ථානාධිපතිවරයා රාජකාරියේ නියුතු නිලධාරින්ට දුරකතන ඇමතුමක් ලබා දී අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබුණේ, අදාළ බීමත් රියදුරාව මුදාහරින ලෙස පවසමින්.

මෙය කලකට පෙර සිදු වූ සිද්ධියක් වුව ද ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නෑ.

නමුත් එම වීඩියෝ පටය සමාජයට විවෘත වීමත් සමඟ දිගින් දිගට ම පොලිස් ඇමතිවරයා ඇතුළු වගකිව යුතු බලධාරින්ට ඒ බව දැනුවත් කළා.

පසු ව සිදු කළ විමර්ශනවලින් අනතුරු ව අදාළ ස්ථානාධිපතිවරයා ව නුවරඑළියට ස්ථාන මාරු කර ඇති බව වාර්තා වෙනවා.

නිල බලය අනිසි ලෙස භාවිත කරන පොලිසියේ මෙන් ම සෙසු සෑ ම අංශයක ම පුද්ගලයින්, අධිවේගයේ ස්ථානාධිපතිට සිදු වූ විපත දෙස බලා පාඩමක් ඉගෙන ගනී වි යැ යි අපි සිතමු.

-හිරු
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka