gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් ජනපතිගේ හා අගමැතිගේ වාහන දෙකක් ගල් කරයි

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති කාර්යාලයෙන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාහන දෙකක් ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. ඔහු දුර බැහැර දිස්ත්‍රික්කයකින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී වරයෙකි.

තමනට ගමට යාමට වාහනයක් නොමැති යයි පවසමින් නිසා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාහනයක් ඉල්ලාගෙන ගොස් ඇති අතර ඔහු එය මෙතෙක් ආපසු බාර දී නැති බව ද වාර්තා වෙයි.

මේ අතර ඔහු ජනාධිපති කාර්යායෙන්ද වාහනයක් ඉල්ලාගෙන ගොස් ඇත්තේ ගෙදර ගොස් ආපසු ගෙන දෙන පොරොන්දුව පිටයි.

නමුත් එම වාහනය පොරොන්දු වූ පරිදි නැවත භාර දී නැත.

මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේද වාහන අංශ භාර නිලධාරීන් බලවත් ගැටලුවකට මුහුණ දී සිටින බවද වාර්තා වෙයි.

මේ වන විට අදාල මන්ත‍්‍රීවරයා ජනාධිපති කාර්යාලයෙන් හා අගමැති කාර්යාලයෙන් ලැබෙන ඇමතුම් මෙන්ම නාදුනන අංකවලින් ලැබෙන ඇමතුම්ද මගහරිමින් සිටින්නේ යයිද සදහන්ය.

-lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka