ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් ජනපතිගේ හා අගමැතිගේ වාහන දෙකක් ගල් කරයි
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති කාර්යාලයෙන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාහන දෙකක් ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. ඔහු දුර බැහැර දිස්ත්‍රික්කයකින් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රී වරයෙකි.
තමනට ගමට යාමට වාහනයක් නොමැති යයි පවසමින් නිසා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වාහනයක් ඉල්ලාගෙන ගොස් ඇති අතර ඔහු එය මෙතෙක් ආපසු බාර දී නැති බව ද වාර්තා වෙයි.
මේ අතර ඔහු ජනාධිපති කාර්යායෙන්ද වාහනයක් ඉල්ලාගෙන ගොස් ඇත්තේ ගෙදර ගොස් ආපසු ගෙන දෙන පොරොන්දුව පිටයි.
නමුත් එම වාහනය පොරොන්දු වූ පරිදි නැවත භාර දී නැත.
මේ හේතුවෙන් ජනාධිපති කාර්යාලය මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේද වාහන අංශ භාර නිලධාරීන් බලවත් ගැටලුවකට මුහුණ දී සිටින බවද වාර්තා වෙයි.
මේ වන විට අදාල මන්ත‍්‍රීවරයා ජනාධිපති කාර්යාලයෙන් හා අගමැති කාර්යාලයෙන් ලැබෙන ඇමතුම් මෙන්ම නාදුනන අංකවලින් ලැබෙන ඇමතුම්ද මගහරිමින් සිටින්නේ යයිද සදහන්ය.
-lankacnews
ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් ජනපතිගේ හා අගමැතිගේ වාහන දෙකක් ගල් කරයි
2022-01-24T07:56:00+05:30
Gossip Lanka Hot News





