තෙල් ප්‍රශ්නයත් බරටම එයි! වාහන දුවන එක නවත්වන්න ගම්මන්පිල යෝජනා දෙයි! පාසල් දින අඩු කරයි! ඔෆීස් වේලාව වෙනස් කරයි! මිල වැඩිකරන්නත් කියයි!
ඩොලර් හිගය හේතුවනේ දැනට මතුවෙමින් පවතින බරපතළ ඉන්ධන අර්බූදය හමුවේ ඉන්ධන පාවිච්චිය සීමා කිරීීම සදහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් යෝජනා රැසක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පාසල් දින ගණන අඩු කිරීම, කොළඹට පැමිණෙන රථවාහන සීමා කිරීම සදහා සියලුම සාකච්ජා ඔන්ලයින් පැවැත්වීම, කාර්යාල වේලාවන් වෙනස් කිරීම, මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ආදිය එම යෝජනා ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව ඉන්ධන ගෙන්වීම සදහා වාණිජ බැංකුවල ඇති ඩොලර් සංචිතයෙන් කොටසක් රජය වෙත ලබා ගැනීමද මෙම යෝජනා අතර පවතින බව දැනගන්නට ඇත.
ඉන්ධන පවතින්නේද සති කිහිපයක් පමණක් වන අතර දැනට මතුව ඇති ඩොලර් හිගය හේතුවෙන් ඉන්ධන ආනයනය සදහා ඩොලර් නොලැබුණහොත් ඉන්ධන අර්බූදයක්ද මතුවීමේ ඉඩක් ඇති බව මීට පෙරද ගම්මන්පිල අමාත්‍යවරයා සදහන් කර සිටියේය.
තෙල් ප්‍රශ්නයත් බරටම එයි! වාහන දුවන එක නවත්වන්න ගම්මන්පිල යෝජනා දෙයි! පාසල් දින අඩු කරයි! ඔෆීස් වේලාව වෙනස් කරයි! මිල වැඩිකරන්නත් කියයි!
2022-01-24T07:53:00+05:30
Gossip Lanka Hot News





