gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ලොකුම වැරැද්ද මෛත්‍රී ආරක්ෂා කිරීමයි..ජනාධිපතිතුමා ඉක්මනින් පියවරක් ගනීවි" - දිලුම් කියයි

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ (09) මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ ලොකුම වැරැද්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂා කිරීම බවත් ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කඩිනමින් ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන බව මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයක දී ඔහු පවසා සිටියේ 

“ලොකුම වැරැද්ද ඔහුව ආරක්ෂා කිරීමයි. ඒ නිසා අපිත් එක්ක තරහා වෙන පිරිස විශාලයි. අවශ්‍ය පියවර ගත්තා නම් ඉවරයි. ජනාධිපතිතුමා මම හිතනවා ඉක්මනින්ම ඒ ගැන පියවරක් ගනීවි.” බවයි.

 තවත් ප්‍රශ්නයක් නගමින් අසා සිටියේ ඒක ආණ්ඩුවේ පැවැත්මට බලපානවද? බවයි 

එහිදී රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ 

“නෑ ඒක කොහොමද ආණ්ඩුවේ පැවැත්මට බලපාන්නේ? යන්න හිතාගෙන හිටපු අය ගියාට පස්සේ අපි අලුත් පක්ෂයක් හදලා තුනෙන් දෙකේ බලයක් ලබාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරලා එතුමාගේ සහෝදරයා ජනාධිපති කළා. ඉතින් ඉතුරු ටික කරන්න මේ අය ඕනද? එයාලා ගියා නම් ලේසියි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka