gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කලා.. දැන් අපව අමතක කරලා - ධනසිරි අමරතුංග

කොහුවල මංසන්ධියේ ගුවන් පාලමක් සෑදීම සඳහා මුල්ගල් තැබූ අවස්ථාවට තමන්ට ආරාධනා නොකල බව දෙහිවල-ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් තම කණගාටුව සඳහන් කරමින් සම තම සමාජජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව බිහි කිරීම සඳහා මුදල් කෝටි ගණන් වියදම් කල අය දැන් ආණ්ඩුවට අමතක වී ඇති බවයි.

එම සම්පූර්න සටහන මෙසේය.

අද දින කොහුවල හන්දියේ ගුවන් පාලමක් හැදීමට මුල්ගල තියන්න පිටරටක ඇමති කෙනෙක් සහ අපේ රටේ මහා මාර්ග ඇමති ‘මගේ මිත්‍ර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මා’ ඇවිත් මුල්ගල තියලා ගිහිල්ලා තියනවා. කියන්න කණගාටුයි දෙහිවල ආසනේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මම. නමුත් මට කවුරුත්ම ආරාධනා කරෙත් නෑ මම දන්නෙත් නෑ. මම අද මගේ පෞද්ගලික වැඩකට නුගේගොඩ පාරෙන් යද්දි මම දකිනවා පොලිසියයි මිනිස්සුයි එතන පිරිලා ඉන්නවා. එතන පොලීසියෙන් හිටිය නිසා මම දුරකථන ඇමතුමක් දුන්නා එතැන හිටිය පොලිස් නිලධාරි මහත්මයෙකුට. එතුමා තමයි මට කිව්වේ එතන ගුවන් පාලමකට අද මුල්ගල තියෙනවා කියලා. හයියෝ පුදුම ආණ්ඩුවක්…. අපිම ආණ්ඩුව හදලා, අපි ආණ්ඩුව හදන්න කෝටි ගණන් වියදම් කරලා, අපි ආණ්ඩුව හදන්න මහන්සිවෙලා හිඟාකාලා හිඟාකාලා ඡන්ද ටික එකතු කරල ආණ්ඩුව හැදුනට පස්සේ ආණ්ඩුවේ ඉන්න ලොකු මහත්තුරුන්ට ආණ්ඩුව හදන්න මහන්සි වුණ අපිව දැන් අමතකයි හරිම කණගාටුයි…!😐😳
මම තාමත් මහින්ද මහත්තයා ට පන වගේ ආදරෙයි ❤️


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka