gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම රත් වෙන්න කතා කලත් කූල් වෙන්න බෙදනවා... සාදුලා ඒ වැඩේට කැමතියි... මටත් සතුටුයි - ඩයනාගෙන් මාර දෙබස් ටිකක්!

නාරාහෙන්පිට අභයාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 83 වැනි ජන්ම දිනය නිමිත්තෙන් දානමය පින්කමක් පැවැත්වුණා.

ජනපතිවරයාත් සහභාගි වූ එම පිංකමේ දානය පිළිගැන්වීමේ අවස්ථාවේ අපූරු සිදුවීමක් සිදු වුයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මුල්කරගෙන.

පිපිඤ්ඤා සලාදය

ඇය මහා සංඝරත්නය වෙත පිපිඤ්ඤා සලාදයක් පිළිගැන්වූයේ "මම රත් වෙන්න කතා කලත් කූල් වෙන්න කෑම බෙදෙනවා" යැයි කියමින්.

එහිදී එක් හිමිනමක් සඳහන් කළේ "මෙයා ගංජා පොවන්න හදනවනේ "යන්නයි.

ඉන් පසුව ඇය පිපිඤ්ඤා දානය පිළිගැන්වූ සෑම භික්ෂූන් වහන්සේ නමක්ම ඇයව විහිලුවට ගත් අතර මේ ගංජා කතාව ඇගෙන් ඇසීමට අමතක කළේ නැහැ.

භික්ෂූන්ටත් උපදෙසක්

"හාමුදුරුවනේ වරද්ද ගන්න එපා.ගංජා පොවන්න නොවෙයි රාජ්‍ය අනුග්‍රහය යටතේ වගා කර විදේශ විනිමය සොයාගන්න පුළුවන්.මම ඒ ගැනයි කතා කළේ" යැයි මන්ත්‍රීවරිය ඊට පිළිතුරු ලෙස සඳහන් කළා.

ඒ අවස්ථාවේ එක් භික්ෂූන් වහන්සේ නමක් "අපේ හාමුදුරුවන්ටත් ඉඩම් තියෙනවා" යැයි ප්‍රකාශ කිරීමත් සමග ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රීවරිය "ඒවාගේත් ගංජා වවමු" යයි උන් වහන්සේට යෝජනා කළා.

අවසානයේ මන්ත්‍රීවරිය එහි පැමිණ සිටි හිතවතුන් අමතා සඳහන් කළේ "මටත් ඕන වෙලා තිබුනේ සාදුලා මේකට විරුද්ධද කියලා බලන්න.සාදුලාගෙ විරෝධයක් නැති බව පේනවා" යන්නයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka