gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අගමැති මහින්දට සෙත් පතා කාල්ටන්වලදී පිරිත් පිංකමක්!

තංගල්ල කාල්ටන් නිවසට වැඩම කළ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යතුමාට සහ රටට සෙත් පතා ලැබුවා වූ 2022 නව වසර වෙනුවෙන් අද (01) දින සෙත් පිරිත් සඡ්ජායනාවක් පැවැත්වූහ.

තංගල්ල වජිරගිරි පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මිරිස්සේ ධම්මවංශ  ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙසේ සෙත් පිරිත් සඡ්ජායනා කරමින් අග්‍රාමාත්‍යතුමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට ආශිර්වාද එක් කළහ.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම ආගමික වතාවත් හා එක්වුහ.

නව වසරට සුබ පැතුම් එක්කිරීම සඳහා සුපුරුදු පරිදි විශාල පිරිසක් අද දින තංගල්ල කාල්ටන් නිවසට පැමිණ සිටියහ.

– රොහාන් වැලිවිට
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka