gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පීබී යළි රස්සාවලට නොයන බව කියයි; කට්ටිය ගැන පොතක් ලියයි

ජනවාරි මස 31 වැනිදා තමන් ජනාධිපති ලේකම් ධුරයෙන් විශ්‍රාම ලැබූ පසු රජයේ උපදේශක තනතුරක් හෝ වෙනත් කිසිදු රාජ්‍ය වගකීමක් බාරනොගන්නා බව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා කියයි.

තමන් රැකියා විරහිත උපාධිධරයකු නොවන බැවින් තවදුරටත් රජයේ තනතුරු අපේක්ෂා නොකරන වග ආචාර්ය ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජනාධිපති ලේකම් ධුරයෙන් සමුගත් පසු තමන්ගේ රාජකාරි අත්දැකීම් අලලා ග්‍රන්ථයක් සම්පාදනය කරන්නේ යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

එම ග්‍රන්ථයේ මූලික පරිච්ඡේද දැනටමත් ලියා අවසන් කර තිබේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ ආණ්ඩුවල වගකිවයුතු ඉහළම තනතුරු දැරූ තමා ඉදිරි කාලයේ නිදහසේ සිටීමට අපේක්ෂා කරන බැවින් ඊට සැමගේ සහයෝගය අපේක්ෂා කරන්නේ යැයිද කියා සිටී.

අභිනව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට තමන් සුබ පැතූ බවද සඳහන් කළ ආචාර්ය ජයසුන්දර හෙතෙම මෙම තනතුර දැරීමට අත්දැකීම් හා හැකියාව ඇති කාර්යක්ෂම නිලධරයකු බවද පවසයි.

අභිනව ජනාධිපති ලේකම්වරයාට අවශ්‍ය ඕනෑම සහායක් ඔහුගේ අවශ්‍යතාව පරිදි පිටත සිට ලබාදීමට කැමැති බවත් ආචාර්ය ජයසුන්දර මහතා පවසා ඇත.

මූලාශ්‍රය - දේශය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka