gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චන්ද්‍රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා – දයාසිරිගෙන් ශ්‍රීලනිප සංවිධායකයන්ට අවවාද

123 වැනි බණ්ඩාරනායක ජන්ම දින සැමරුම හෙට පෙරවරුවේදී පැවැත්වීමට නියමිතය. ගාලු මුවදොර අසල පිහිටි බණ්ඩාරනායක පිළිරුව අසලදී සමරු උත්සවය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
මේ අතර මෙම ගුණ සමරු උත්සවයට සහභාගවීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රීලනිප සංවිධායකයන්ගේ ගමන කඩාකප්පල් කිරීම සඳහා හෙට උදෑසන හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා. මෙම රැස්වීම සඳහා සියලු පක්ෂ සංවිධායකයන් සහභාගිවීම අනිවාර්ය බවයි ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර මහතා දැනුම් දී තිබෙන්නේ.

පක්ෂ සංවිධායක ධුරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් ගුණ සමරුවට සහභාගි වී හෙට උදෑසන ශ්‍රීලනිප මූලස්ථානයට වාර්තා කරන ලෙසද දැනුම් දී තිබෙනවා.

චන්ද්‍රිකාට ගොට්ට අල්ලන්න ගිහින් අහුවෙන්න එපා යැයිද ශ්‍රීලනිප ලේකම්වරයා පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.
-lankanewsweb
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka