gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපි බලමු... නාමල් අනාගතයේ රජ වෙන්නේ කොහොමද කියලා - දයාසිරි (video)

ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (15) ප්‍රතිචාර දැක්විය.

ඒ හම්බන්තොට පැවති නිදහස් පක්ෂ සම්මේලනයකදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් සම්මේලනය අද අඟුණකොළපැළැස්ස පුරහලේදී පැවැත්වුණේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, 

"මේ ටිකේ දිගටම අහන්නේ ආණ්ඩුවෙන් යනවද කියලා. ඕක මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා "අරුණ" පත්තරේ කරපු සම්මුඛ සාකච්ඡාව අරන් බලන්න. එතුමා කියන්නේ මගේ ආණ්ඩු කාලයේ මාත් එක්ක හිටියා සමසමාජේ, කොමියුනිට්ස්. ඒ අයත් විරුද්ධ වුණා. මේ වගේ ප්‍රශ්න ඇතිවුණේ නෑ කියලා එතුමා කියනවා."

"හැබැයි අනාගතයේ රජවරු වෙන්න ඉන්න කට්ටිය කොහොමද කතා කරන්නේ. කවුරුවත් නෙමෙයි අපේ 
නාමල් මහත්තයා මං දැක්කා...ඊයේ පෙරේදා කියනවා. ශ්‍රීලනිපයට යන්නලු. තැන් තැන්වල අඬන්නේ නැතුව. ඒගොල්ලන් දැන් එහෙමනම් අපිට කතා කරන්නේ..අනාගතයේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු."

මේ අතර අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

"අපිට කටවල්වලට අගුල් දාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. ජනතාවගේ ප්‍රශ්න කැබිනට් එකේදි වගේම එළියෙත් කතා කරන්න වෙනවා. ඒවා කතා කරනකොට දේශපාලන අඳබාලයින් කතා කරන්න පටන් අරගෙන."

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka