gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්බුදය උතුරයි.. විදුලිය දුන්නොත් ඉන්ධන නෑ.. ඉන්ධන දුන්නොත් විදුලිය නෑ…

පවතින විදුලිය අර්බුදය හේතුවෙනුත් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක ප‍්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබේ.

එළඹෙන අඟහරුවාදා දින තෙක් මෙම ඩීසල් ප්‍රමාණය දෛනිකව ලබා දෙන බවත් ඉන් අනතුරුව කරන ආකාරය පිළිබඳව අඟහරුවාදා දින සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් සංස්ථාව සඳහන් කරයි.

මේ අතර ඉදිරි දින පහළොවක පමණ කාලය සඳහා අවශ්‍ය වන ඉන්ධන තොග අසීරුවෙන් කලමණාකරණය කල හැකි තත්වයක තෙල් සංස්ථාව සිටියද විදුලි උත්පාදනය සඳහා ඩීසල් තොග දෛනිකව විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම මත ඩීසල් හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් ඇතිවී තිබේ.

දැනටමත් මෙරටට ආනයනය කරන ඉන්ධන සඳහා ඩොලර් සොයා ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට සංස්ථාව පත්ව සිටයි.

විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා කිහිපවිටක්ම අනතුරු අඟවා සිටියේ ඇතැම් විට ඉදිරි දිනවල ඉන්ධන හිඟ වීමේ අවදානමක් ඇති බවයි.

මේ බව පසුගිය කැබිනට් මණ්ඩල වාර කිහිපයකට ඇමතිවරයා විසින් දැනුම් දී තිබේ.

එමෙන්ම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කල නොහැකි බවද ඇමතිවරයා සති අන්ත පුවත්පතකට පවසා තිබින.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka