gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුව විවේචනය කරන සියළු ඇමතිවරුන් ඉවතට…- ජනාධිපති තීන්දු කරයි

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත මහතා එම ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා සිදුකළේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන්ට අනතුරු ඇඟවීම බවයි.

ආණ්ඩුවේ විවේචනය කරමින් විපක්ෂයේ කාර්යභාරය කිරීමට මැති ඇමතිවරුන්ට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිවරයා ඉකුත් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

එවන් තත්ත්වයක් මත ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කළ හොත් ඔවුන්ගේ තනතුරු ද ඉදිරියේ දී අහිමි වනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka