gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල් හිමි යුරෝපයේ ලාංකිකයන්ට අලුත් රහසක් හෙළිකරයි!

ජනතා ඡන්දය ලබාගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩහැරියේ දැයි සැක සහිත බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන පිළිබඳව සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් ප්‍රගතිය පිළිබඳ යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ සූම් තාක්ෂණික සම්මන්ත්‍රණයක් ඊයේ පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“DIG නාලක ද සිල්වා ව අත්අඩංගුවට ගත්තේ සහරාන්ව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අරන් තියෙද්දි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව. ඒකෙ තියෙනවා, ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක් හා අවිනිශ්චිතතාවයක් ඇති කරන්න අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළා දැයි සොයා බලන්න වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතුයැයිද නිරීක්ෂණය කරයි කියලා. මුස්ලිම් අන්තවාදින් මේක සුදානම් කළ බව ඇත්ත. නමුත් ඒකෙ තොරතුරු දැන දැන වසන් කරමින් ජනතා ඡන්දය ලබාගන්න ප්‍රහාරය වෙන්න ඉඩ දුන්නා කියා පේන්න තියෙනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් 60%ක වගකීම තියෙන්නේ ඔන්න ඔය නිලධාරීන් සහ දේශපාලකයින් අතේ. මෙහෙ පාලනතන්ත්‍රයේ ඉන්න අය මේක යට ගහන්නමයි හදන්නේ. මේවා  විමර්ශනයකින් තොරතුරු එළියට ගන්න මේ අය කැමති නැහැ.”

-mawratanews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka