gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩු මාරු කළා කියලත් වැඩක් නෑ… 2029 වෙනකල් ඩොලර් නෑ… – බන්දුල

අද වන විට ඇති වී තිබෙන විදේශ විනිමය අර්බුදය 2029 වසර වන තෙක් පවතිනු ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

අද ආණ්ඩුව වෙනස් වුවද 2025 වෙනස් වුවද එම තත්ත්වය වෙනස් නොවනු ඇති බවත් හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේදී අදහස් කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

“අපේ රටේ මේ වන විට ප්‍රධාන අර්බුදයන් 3ක් තිබෙනවා. එකක් තමයි විදේශ විනිමය පිළිබඳ (ඩොලර්) අර්බුදය. දෙවැනි එක රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. තුන ආර්ථිකය කඩා වැටිලා එතනින් ගොඩ ඒමේ අර්බුදය. ජනාධිපතිවරයාගේ කතාවේ බොහොම පැහැදිලිව මෙකී අර්බුද සඳහා ජාතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළ බව මම සඳහන් කරන්න ඕනී.

මේ විදේශ විනිමය අර්බුදය අද ඊයේ ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි. අපේ රටේ නිදහස ලැබුණු දවසේ සිට කවුරු ආණ්ඩු කළත් ලංකාවට භාණ්ඩ ආනයනය කරන්න යන වියදම වැඩි වන වියදමට සාපේක්ෂව අපි ආදායම් වැඩි කරගත්තේ නැහැ. 1977න් පසු ලංකාවේ තිබුණේ වෙළද හිඟයක්. හැමදාම අපි කරලා තිබෙන්නේ මේ රටේ නිෂ්පාදනය කිරීමට වැඩියෙන් පිටින් ගෙනල්ලා පරිභෝජනය කළ එක.

මේක තමයි ප්‍රශ්නයේ ඇත්ත කතාව. කාට හරි බැන බැන ඉන්නවාට වැඩිය මේ තිබෙන ගැඹුරු ප්‍රශ්නය පිළිබඳ අවබෝද කර නොගෙන ඒ අවස්ථාවේ ඇති වන වාසිදායක තත්ත්වය තුළ දී විදේශ විනිමයෙන් බඩ පිනුම් ගැසීමත්, දුෂ්කරතාවලදි කාට හරි ඇගිල්ල දිගු කිරීමත් තමයි සිදු කරලා තිබෙන්නේ.

2029 වෙනකන් මේ අර්බුදයට මේ රට මුහුණ දෙන්න ඕනී. ඒකයි මේ ගැටලුව ජාතික අර්බුදයක් කියලා කියන්නේ.

ස්වෛරීත්ව බැදුම්කර නිකුත් කරලා ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව වගේ ණය අරගෙන නෑ. මේක ගෙනියන්න බැරිවුණ තැන මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් කියන මේ රටේ කොටසක් ඇමරිකා එක්සත් ජනපදයට පාවා දෙන ගිවිසුම අත්සන් කරන්න ලෑස්ති වුණා. අද බංග්ලාදේශයෙන් 250ක් ගන්නවා කියන කට්ටිය ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480ක් සඳහා තමයි මුළු රට 2029ම පාවාදෙන එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්න ගියේ. ඒ තරමටම වැටිලා තිබුණේ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka