gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලොවක් කළඹමින්, අබුඩාබි නගරයේ ස්ථාන දෙකකට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් - ශ්‍රී ලාංකීකයින් ආරක්ෂිත ද ?

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකකට ඊයේ එල්ල වූ ප්‍රහාරවලින් 3 දෙනෙකු මිය ගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
 
මිය ගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් පුද්ගලයා පාකිස්තාන ජාතිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අබුඩාබි පොලීසිය ප්‍රකාශ කළේ ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට සැක කරන බවයි.
 
එක් ප්‍රහාරයක් අබුඩාබි ගුවන් තොටුපළේ ඉදිකිරීම් සිදුකෙරෙමින් පවතින ස්ථානයකට එල්ල වී ඇති අතර අනෙක් ප්‍රහාරය කාර්මික නගරයක තෙල් බෙදා හැරීම් සිදුකරන ස්ථානයක් අසලට එල්ල වුණා.
 
එහිදී ඉන්ධන රැගත් ට්‍රක් රථ 3ක් ගිනිගෙන තිබෙනවා.
 
ප්‍රහාරයේ වගකීම තමන් භාර ගන්නා බවයි යේමනයේ සිටින හූති කැරළිකරුවන් ප්‍රකාශ කළේ.
 
කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් මේ දක්වා සිදුකර නැහැ.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මල්රාජ් ද සිල්වා කියා සිටියේ ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී නොමැති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka