gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් කැබිනට් තීන්දු 4කට ඉන්දියාව ගෑවෙයි

ඊයේ (03) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීන්දු අතරින් ප්‍රසම්පාදන 4ක් ඉන්දියානු සමාගම් වෙත ලබාදී තිබේ. ඒ අතරින් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 සහිත බස්රථ 500ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

තවද, හියුමන් ඉමියුනොග්ලොබින් බීපී ග්‍රෑම් 5-6 වයල්ස් 75,000ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ රිලයන්ස් ලයිෆ් සයනස් පෞද්ගලික සමාගමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ අතර, ශ්වසන පද්ධතිය ආශ්‍රිත ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන මෙරපනම් එන්නත් ග්‍රෑම් 1 වයල්ස් 1,800,000ක් ඉන්දියාවේ වීනස් රෙමඩීස් සමාගමෙන් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායට ජීප් රථ 150ක් ඇතුළුව ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ 750ක් ලබාගැනීමට 2020 නොවැම්බර් 16දා කැබිනට් අනුමැතිය හිමිවූ අතර, අදාල ප්‍රසම්පාදනය ඉන්දියාවේ මහින්ද්‍රා සහා මහින්ද්‍රා සමාගමට ප්‍රදානය කිරීමට ඊයේ දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවී ඇත.






gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka