gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආයෝජකයක් හත් දෙනෙකුට රඹකැන්ඔය අක්කර 3750ක් දොලපිදේනි…

රජයේ ඉඩම් ආඥාපනතට පටහැනිව කිසිදු පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව රඹකැන්ඔය කලාපයේ ඉඩම් අක්කර 3750ක භුක්තිය ආයෝජකයන් 07 දෙනකුට භාරදීමට මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.

මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයන් වෙත භාරදීමේ දී තරගකාරි හා විනිවිදභාවයකින් මෙන්ම අයැදුම්පත් කැඳවීමකින් තොරව ජාතික ආහාර නිෂ්පාදන කාර්ය සාධන කමිටුව වෙත යොමුකර ආයෝජකයන් ගෙන් අයැදුම්පත් ලබාගෙන තිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම මෙම ඉඩම්වල භුක්තිය ආයෝජකයන් වෙත භාරදීමට ප‍්‍රථම කිසිදු පාරිසරික බලපෑම් ඇගයීමක් සිදුකර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

රජයේ ඉඩම් ආඥාපනතට අනුව රජයේ ඉඩම් පිළිබඳ සෑම වරණීය බද්ධකට ම ඉඩම් ආඥාපනතේ පනවනු ලැබූ රෙගුලාසි යටතේ අමාත්‍යවරයාගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතුව තිබිණි. එමෙන්ම වරණීය ප‍්‍රධාන පත‍්‍රයක් හෝ බදුකරයක් නිකුත් කිරීමට අදහස් කරන සැමවිටක ම ඒ පිළිබඳ නිවේදනයක් රජයේ ගැසට් පත‍්‍රයේ පළ කළ යුතු වුවත් එසේ සිදුකර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත. කෙසේ වුවද ඉඩම් බැහැර කිරීමට විරුද්ධව බාහිර පාර්ශ්ව විසින් අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් ආයෝජන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට ද නොහැකි වී තිබිණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල
– divaina
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka