gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාදිනල් හිමිගේ මානව අයිතිවාසිකම් නඩුවට කොළ එළිය පත්තු වෙයි!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුතු සියලු පුද්ගලයන් ට එරෙහිව කඩිනමින්  නඩු පැවරීමට  පියවර ගන්නා ලෙසත්  සහ එම නැව ගිනි ගැනීම නිසා පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ මසුන් මැරීමේ කටයුතු අත් හිටුවීම ට ගත් තීරණය නිසා පීඩාවට පත් සෑම ධීවරයකුටම වන්දි ගෙවන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම ඇතුළු පෙත්සම්   කිහිපයක්   විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙන ලදී. 

එම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා  පෙත්සම් ජනවාරි මස 20 දින කැඳවීමට නියම කෙරිණ.

ගාමිණී අමරසේකර, ඒ.එච්. එම්. ඩී .නවාස් , ජනක් ද සිල්වා  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කල දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ අධිකරණය මේ  නියෝගය කලේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා,  වෘත්තීය ධීවරයින් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු , වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු  සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජේ.ජෙගතීෂ්වරන් විසින් මෙම පෙත්සම් ගොනු කළහ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වරාය අධිකාරියේ සභාපති වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා  පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති ඇතුළු 12 දෙනෙකු  එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර  සිටිති.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka