gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති වැය ශීර්ෂයෙන් සියයට 81 කප්පාදු කරල. ඒකට තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ - ඩිලාන්

මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා සිය වැය ශීර්ෂයෙන් 81%ක් කප්පාදු කරගෙන ඇති අතර System Change යන්නෙන් අදහස් කරන්නේ එය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (01) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

මෙවර අයවැයේ තේමාව වී ඇත්තේ පළිගැනීම වෙනුවට පිළිගැනීම වන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

පළිගැනීම වෙනුවට පිළිගැනීම යන ක්‍රම වෙනසට විපක්ෂයට හැඩගැසීමට නොහැකි වී ඇති බවද එහිදී මන්ත්‍රීවරයා පැවසුවේය.

''තමන්ගේ අයතනයේ වියදම් 81% ක් මේ අවුරුද්දේ ගෝඨාභය මහතා කප්පාදු කර ගත්තා. තමන්ගේ වියදම්, වාහන ප්‍රමාණය ඒවා ආදර්ශයෙන් කප්පාදු කර ගත්ත නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. එය තමයි System Change එක.

මෙවර අයවැයේ ප්‍රධාන තේමාව වනුයේ පළිගැනීම වෙනුවට පිළිගැනීමයි. කිසිම ආණ්ඩුවක පළාත් සභාවේ විරුද්ධ පක්ෂයේ කිසිම කෙනෙක්ට මුදල් වෙන් කරන්නේ නෑ. එය පළිගැනීමයි. පළි ගැනීම කියන සංකල්පය වෙනුවට පිළිගැනීම කියන System Change එක ගෙනාව මේ අයවැය තුළින් අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා. ලංකාවේ සෑම පළාත් පාලන කොට්ඨාශයකම ජනතාවගෙන් පත්වෙච්ච මන්ත්‍රිතුමාට ඔහුගේ පක්ෂය බලන්නේ නැතිව මිලියන 04 ක් දුන්නා. පක්ෂ භේදයකින් තොරව කටයුතු කළා. පළිගැනීම වෙනුවට පිළිගැනීම කියන සංකල්පය ආවාම ඒ System Change එක විපක්ෂයට දිරවන්නේ නෑ. ඒ අයට ඒ සඳහා හැඩගැහෙන්න දන්නේ නෑ. ඒ තරමට වෛරය, ද්වේශය අපේ රටේ මිනිස්සුන්ගේ ඇග පුරා ගිලා බැහැලා තිබෙන්නේ. ඒ නිසා ලේසි නෑ අයවැයක් ගේන එක.නිදහසින් පසු අවුරුදු 70 ක් තිස්සේ අයවැය ලංකාවට ගෙනත් තිබෙනවා. නමුත් කිසිම මුදල් ඇමතිවරයෙක් මේ වගේ පරිසරයක් තිබුණේ නෑ. නමුත් බැසිල් රාජපක්ෂ මැතිතුමාට අයවැය ඉදිරිපත් කරන්න වුණේ කම්බියක් උඩ බයිසිකලයක් යනවා වගේ අසීරු වැඩක්. එතුමාට අමාරු කාලයක අයවැය ඉදිරිපත් කරන්න සිදු වුණේ.'' යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka