gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිරිපිටි හිඟය ඇති කළේ ගජමිතුරු ව්‍යාපාරිකයෙකුට කිරිපිටි ගෙන්වීමේ අවස්ථාව දෙන්නද ? - අසේල (VIDEO)

දිවයින පුරා උඝ්ර කිරිපිටි හිඟයක් මතුව ඇති අතර මේ කිරිපිටි හිඟය ඇතිකර ඇත්තේ රජයට හිතවත් ව්‍යාපාරිකයෙකුට කිරිපිටි ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමටදැයි යන සැකයක් මතුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි. 

"බොන්න කිරිපිටි ටිකක් නෑ. මේ වනවිට කිරිපිටි හිඟය ඉතා උඝ්ර ලෙස හදලා තිබෙනවා. දැන් කිරිපිටි හිඟයක් හදලා මේ කරන්න යන එකේ යටි අරමුණ තමන්ගෙ ව්‍යාපාරික ගජමිතුරෙකුට කිරිපිටි ගෙන්වීම සඳහා අවස්ථාව ලබාදීමද කියන සැකය එනවා. 

පොහොර අර්බුදය හැදුවා, තමන්ගෙ ගජමිතුරන්ට දුන්නා කාබනික පොහොර ගෙන්වන්න. ටයිල් නැවැත්තුවා, නානකාමර උපකරණ නැවැත්තුවා, ගජමිතුරො හම්බ කරගත්තා. සීනිවලට බදු සහන දුන්නා, ගජමිතුරො කළේ මොකක්ද සීනි ගෙන්නලා සීනිවලින් හම්බ කරගත්තා. කිරිපිටි පිළිබඳවත් සමාජයේ ප්‍රශ්නයක් මතුකරලා තමන්ගේ ව්‍යාපාරිකයකුට දෙන්න තමයි මේ හදන්නෙ" 

අසේල සම්පත් මහතා මේ බව පැවසුවේ ඊයේ (18) ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka