gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ප්‍රමිතිය නොතකා නැවෙන් ගෑස් බාන බවට විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්! (VIDEO)

පසුගිය දිනවල ප්‍රමිතියෙන් තොර ගෑස් නැව් දෙකක් මෙරටට පැමිණි බවත් එම ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපලට නිකුත් නොකරන ලෙස ප්‍රමිති ආයතනය දැනුම් දී තිබියදීත් අදාල ගෑස් නිකුත් කිරීමට කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රමිතියෙන් තොර ගෑස් ගෑස් වෙළෙඳ පොළට නිකුත් කොට මිනිස් ජීවිත බිල්ලට ලබාදෙන ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ බලවත් පාප කර්මයක් සහ අපරාධයක් බව පැවසූ විපක්ෂ නායකතුමා,රට පුරා සිදුවන ගෑස් අනතුරුවලින් පීඩාවට පත්වන සහ හානි සිදුවන ජනතාවට වන්දියක්වත් ලබා දීමට ආණ්ඩුව කටයුතු කොට නැතැයිද සඳහන් කළේය.

මේ වනවිටත් ගෑස් පිපිරීම් වලින් ජීවිත කිහිපයක් අහිමිවී ඇති බව පැවසූ ප්‍රේමදාස මහතා කියාසිටියේ මේ සියල්ලට වගකිව යුත්තේ ආණ්ඩුව බවයි.

අද (18) ලුණුගම්වෙහෙර බෙරලිහෙල නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් එම නිවැසියන්ට හානි සිදුවූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවසට ගොස් ඒ පිලිබදව සොයා බැලීය. 

ඉන් අනතුරුවයි මාධ්‍ය අමතා විපක්ෂ නායකවරයා මෙම අදහස් දක්වා සිටියේ. 

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka