gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අසාර්ථක, දූෂිත මිනිස්සු පාර්ලිමේන්තු එවන ජනතාවත් මේ කඩා වැටීමට වගකියන්න ඕනේ - ෆොන්සේකා (VIDEO)

පවතින තත්ත්වය මත තවදුරටත් රට ඉදිරියට ගියහොත් විශාල සාගතයක්, ආර්ථික කඩා වැටීමක් සිදුවන අතර ලෝකයද ශ්‍රී ලංකාව බංකොලොත් බවට හංවඩු ගහන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ 2015 ජනවාරි 08 මැතිවරණයෙන් පසු යහපාලන ආණ්ඩුව විසින් පත් කළ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම්  කාර්යාලය මගින් කරන ලද කාර්යයන් පිළිබඳව පරික්ෂා කර තොරතුරු ලබාගෙන පරීක්ෂණ පැවැත්වීම හා විමර්ශනය කර වාර්තා කිරීම,සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර  තිබෙන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (23) කැඳවා තිබූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙවැනි තැනකට රට පත්වීම සම්බන්ධයෙන් අනෙක් පසින් ජනතාව ද වගකිව යුතු බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
 
අසාර්ථක, දූෂිත අය නැවත නැවත පාර්ලිමේන්තුවට එවන්නේ ජනතාව බවයි හෙතෙම කියාසිටියේ.

කෙසේවෙතත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු වන අතර එය සිදුකිරීමට නම් සිංගප්පූරුවේ,මැලේෂියාවේ වැනි නායකයෙක් බිහිවිය යුතු බව ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka