gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ආණ්ඩුව වැටෙද්දී පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු කල්ලිය යළි සක්‍රීය වෙලා - SJB (VIDEO)

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගය කතා කිරීමේ නිදහස බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මාහතා අවධාරණය කළේය. ඒ අද (04) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ආණ්ඩුව ගැන විවේචනය කරන විට මැර බලයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු මර්දනය කිරීමට උත්සහ ගන්නා බවයි මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ.

ඊයේ දින මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට සිය කතාව අවසන් කිරීම සඳහා විනාඩි පහක කාලයක් ලබාදෙන ලෙස කෙරුණු ඉල්ලීම මත ඇති වූ නොසන්සුන් තත්ත්වය ගැන කරුණු දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ. 

දීර්ඝ කාලයක් තිස්සේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු ලෙස  ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අතර පාර්ලිමේන්තු පැමිණෙන්නේ ගහගැනීමට නොවන බවද ඔහු කියාසිටියේය. 

නූගතුන් පාර්ලිමේන්තු පැමිණි විට කතා කරන්නේ ගහ ගැනීමට බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

සිදු වූ නොසන්සුන්තාව ගැන කථානායකවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් එයට ලැබෙන පිළිතුර මත  පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංවිධානය ඇතුළු ජාත්‍යන්තරය වෙත වාර්තා කිරීමට සිදුවන බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන ලදී. 

කෙසේවෙතත් එම සිදුවීම ගැන  සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඔහු කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය. 

එමෙන්ම පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් පාර්ලිමේන්තුව වෙත නොපැමිණීමට ද සමඟි ජන බලවේගය තීරණය කර තිබේ. 

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka