gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පාර්ලිමේන්තුව මරියකඩේට නොදෙවෙනි වෙයි; සමගියක් නැති විපක්ෂය

සමගි ජන බලවේගය පක්ෂයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ විපක්ෂ නායක කාර්යාලය අසලදී අද දහවල් පහරදීමට ගන්නා ලද උත්සාහයට විරෝධය දක්වා සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගැබින් අද පස්වරුවේ පිටව ගියහ.

කෙසේවුවද, විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් එම විරෝධයට එක්කර ගැනීමට සමගි ජන බලවේගයට නොහැකිවීම මේවන විට කතා බහට ලක්ව තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙසේ සභා ගැබෙන් පිටව ගියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුවය.

ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කාංචන, මනූෂට පහරදීමට ගත් උත්සාහය වලක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්මන් කිරිඇල්ල මහතා පැවසීය.

නානායක්කාර මහතා මැතිසබයේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහර දීමේ උත්සාහය සිදුවී ඇතැයි කියති.

මේ අවස්ථාවේදී ස්ථානයට වේත්‍රධාරිවරයා සහ පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන්ද පැමිණ ඇතැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කර සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka