කැබිනට් සාමූහිකත්වය කඩකළා! විමල්-වාසු-උදය කැබිනට් මණ්ඩලයෙන් අස්වුණා නම් හොඳයි! ජනපති පළමු වරට විමල්ලා ගැන ප්‍රසිද්ධියේ කතා කරයි! EXCLUSIVE
සිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සාමූහික වගකීම කඩ කර ඇති බවත්, ඒ හේතුවෙන් ඔවුන් අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වවන්නේ නම් හොඳ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද දහවල් පුවත්පත් ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකදීය.
මෙහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේ සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහිව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක්ද ලබා දී ඇති බවකි.
-mawratanews
කැබිනට් සාමූහිකත්වය කඩකළා! විමල්-වාසු-උදය කැබිනට් මණ්ඩලයෙන් අස්වුණා නම් හොඳයි! ජනපති පළමු වරට විමල්ලා ගැන ප්‍රසිද්ධියේ කතා කරයි! EXCLUSIVE
2021-12-27T14:32:00+05:30
Gossip Lanka Hot News





