පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව.. පදික වේදිකාවේ වාහන පොලිසියෙන් ඇදගෙන යයි…
මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත.
පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයේ විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර ඒකකයට මෙම උපදෙස් ලබාදී තිබේ.
මාර්ග වල තැනින් තැන කෙළ ගැසීමෙන් දැඩි අපවිත්‍ර තාවයක් ඇති වීම මෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තියද හේතුව නිසා ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය පැහැදිලි කරනු ලැබීය.
දණ්ඩ නීති සංග්‍රහය අනුව එම වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පැවරීම කළ හැකි බවද පොලිස් අධිකාරිවරයා කියා සිටියේය.
කාර් පාර්ක් කරන්නේ බලාගෙන! පොලිසියෙන් බලන් ඉන්නවා!
අනවසරයෙන් සහ නීතී විරෝධී අයුරින් මාර්ගයේ තදබදය ඇති වන පරිදි පදික වේදිකාවේ නවතා ඇති වාහන ඇදගෙන යාමේ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර ඇත.
කොළඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර තුළ මෙම මෙහෙයුම ආරම්භ කර තිබේ.
පදික වේදිකාවන් අවහිර වීම සහ මාර්ග තදබදය ඇති වීම හේතුකොටගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොලිසිය කියා සිටී.
පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව.. පදික වේදිකාවේ වාහන පොලිසියෙන් ඇදගෙන යයි…
2021-12-08T13:11:00+05:30
Gossip Lanka Hot News





