gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් ස්කාගාර තුනකට ආණ්ඩුව ලයිසන් දීලා! ප්‍රශ්න යට ගහන්න බොන්න දෙනවාදැයි සැකයක්!

නව ස්කාගාර තුනක් විවෘත කිරීමට අනුමැතිය ලබා නොදෙන ලෙස රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකා පාර්ශ්වයේ මහානායක ඕමල්පේ සෝභිත හිමියන් රජයෙන් ඉල්ලා ඇත. මෙවැනි තීරණ අනුමත කරමින් අමාත්‍ය මණ්ඩලය තීන්දු ගැනීම තුළ සමාජ සාරධර්ම බිඳවැටීමට තුඩු දෙන බේබදු සංස්කෘතියක් නිර්මාණය වන බව උන්වහන්සේ පැවසූහ.

මෙවැනි බලපත්‍ර ලබාදීමට රජය දක්වන උනන්දුව පිටුපස ඇති අරමුණ සහ රට තුළ බේබදු සංස්කෘතියක් බිහිකිරීම පිටුපස ඇති අරමුණ කුමක්දැයි ප්‍රශ්න කළ උන්වහන්සේ එය සැබෑ ප්‍රශ්නවලින් ජනතාව ඈත් කිරීමේ යටත්විජිතවාදී උපාය මාර්ගය සිහිගන්වන්නක් බවද චෝදනා කළහ.

“අද ජනතාවට කන්න බොන්න අමාරුයි, ඉන්ධන සහ ප්‍රමාණවත් විදේශ විනිමය නැහැ, ආර්ථිකය කඩා වැටිලා. එවැනි තත්ත්වයක් තුළ මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශය මෙතරම් උනන්දු වන්නේ ඇයි? මත්පැන්වලින් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද?” යැයි උන්වහන්සේ චෝදනා කළහ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka