gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එක්කෝ ඇමති තිදෙනා හිරේ.. නැතොත් නීතිපති හිරේ.. යුගදනවි නඩුව ඉතිහාගතවෙයි…

යුගදනවි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට ලබා දීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව කැබිනට් ඇමතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ලබා දී ඇති දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී බව නීතිපති සංජය රාජරත්නම් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පැවසීය.

අදාල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥයකු ලෙස ජනාධිපති නීතීඥ උදිත ඉහළහේවා මහතා පෙනී සිට කරුණු දක්වද්දී ඊට විරෝධය පළ කරමින් නීතිපතිවරයා මේ බව කියා සිටියේය.

නමුත් විනිසුරු මඩුල්ල කියා සිටියේ තමාගේ දේශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලෙසයි.

අමාත්‍යවරුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කියා සිටියේ මෙම ගිවිසුම තම සේවාදායක අමාත්‍යවරුන් ඇසින් නොදුටු ඔහු අනුමත කළ එකක් නොවන බවයි.

අධිකරණය ඉදිරියේ දී මාධ්‍ය අමතමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන ලද්දේ තමන් ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා ලබාදුන් දිවුරුම් ප්‍රකාශ සහ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලබාදුන් දිවුරුම් ප්‍රකාශ පරස්පර බවයි.

අධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශ මගින් එකම කාරණාවකට ප්‍රතිවිරුද්ධ දිවුරුම් ප‍්‍රකාශ දෙකක් පැවතිය නොහැකි නිසා මෙම දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් බොරු කියන බවත් එම බොරු කියන පාර්ශවය අනිවාර්යෙන් සිර දඬුවම් හිමිවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් වෙනුවෙන් අපි ඊට විරුද්ධව අධිකරණයට හමුවට යෑම නීතියට පටහැනි බව පිළිගන්නා නමුත් එය හෘද සාක්ෂියට එකඟ බවද පැවසූ අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ මෙම මේ ආකාරයට ආණ්ඩුවට විරුද්ධව අමාත්‍යවරුන් අධිකරණයක් හමුවට යන්නේ ලෝක ඉතිහාසයේ පළමු වතාවට බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka