gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රියන්ත වෙනුවෙන් සියල්කොට් ව්‍යාපාරිකයෝ ඩොලර් ලක්ෂයක අරමුදලක් එකතු කරයි! ඉම්රාන් දිගටම පඩිය දෙන්න පොරොන්දු වෙයි!

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබේ. ඒ අනුව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බවය.

මේ අතර පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහුගේ පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බවය.

එසේම ඔහු පවසා ඇත්තේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බවත්ය.

පාකිස්ථානයේ සියල්කෝට් හිදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

ඒ ගණේමුල්ල පොල්වත්ත සුසාන භූමියේදීයි.

සියල්කෝට් හිදී අන්තවාදීන් පිරිසකගේ පහරකෑමට ලක්ව ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ දිවයිනට රැගෙන ආ අතර අද අළුයම 3.00 ට පමණ ඔහුගේ නිවසට රැගෙන එනු ලැබීය.

සියල්කෝට් හි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නමැති කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් ද වෙයි.

දේහය නිවසට රැගෙන ආ මොහොතේ සිට මේ දක්වාත් ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් ප්‍රියන්ත දියවඩන මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණෙමින් සිටියි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka