gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයර අවසර.. රාජපක්ෂලා චීනය සමඟ තවත් ආරවුලක පැටලෙන ලකුණු!

කොළඹ වරාය නගරයේ (පෝර්ට් සිටි) අනාගතයේදී ක්‍රිප්ටො මුදල් ඒකක (අප්‍රකාශිත විද්‍යුත් මුදල්) භාවිත කිරීමට අවසර ලබාදෙන බව වාරාය නගර විශේෂ ආර්ථික කලාපයේ පාලක කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා කියයි.
 
අනාගතයේදී වරාය නගර පරිශ්‍රයේ සිදු කෙරෙන විනෝදාස්වාද ක්‍රියාකාරකම් වෙනුවෙන් ක්‍රිප්ටොකරන්සි හෙවත් ඩිජිටල් මුදල් ඇතුළත් කිරීමට කටයුතු කර ඇතැයි සභාපතිවරයා පෙන්වා දී ඇතැයි "අරුණ" පුවත්පත වාර්තා කර තිබේ.
 
මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ රජය සතු ඩොලර් සංචිත පහත වැටීමත් සමග බිට්කොයින් (Bitcoin) වැනි ක්‍රිප්ටෝ මුදල් ඒකක භාවිතය ව්‍යාපාරික හා නාගරික ප්‍රජාව අතර යම් තරමකට ඉහළ ගොස් ඇති බවද එහි දැක්වේ.
 
වරාය නගරය තුළ අනාගතයේදී එක්සත් ජනපද ඩොලර් ඇතුළුව බහුවිධ විදේශ මුදල් ඒකක භාවිතය සඳහා අවසර ලබා දීමට සැලසුම් කර ඇති බව පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දක්වා ක්‍රිප්ටො මුදල් ඒකක රට තුළ භාවිත කිරීම වෙනුවෙන් අවසර ලබා දී නැත. 
 
මහ බැංකුව මෑතකදී නැවත වතාවක් අවධාරණය කරන ලද්දේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම හා මුදල් විශුද්ධිකරණය වැනි ක්‍රියා සඳහා අධික ලෙස භාවිත කෙරෙන බැවින් ක්‍රිප්ටො මුදල් ඒකක භාවිතය අවදානම් සහගත බවත්, ඒවා ශ්‍රී ලංකාව තුළ භාවිතය තහනම් බවත් යැයිද එහි දැක්වේ. 
 
කෙසේවුවද, ක්‍රිප්ටො මුදල් ඒකක ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විශේෂ උනන්දුවක් ගනු ලබන්නේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාය.
 
ඔහු ක්‍රිප්ටො මුදල් ඒකක ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා සුදුසු නිර්දේශ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව විශේෂ කමිටුවක් ද මේවන විට පත්කර තිබේ.
 
චීනෙට අරහං ක්‍රිප්ටෝ...
 
කෙසේවුවද, වරාය නගරයේ ප්‍රධාන ආයෝජකයා වන චීනය පසුගිය සැප්තැම්බර් 24 වැනිදා එහි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිප්ටෝ මුදල් වර්ගවල ගනුදෙනු නීතිවිරෝධී බවට තීන්දු කළේය.
මෙම මුදල් භාවිතා කිරීම චීන ජනයාගේ වත්කම්වලට බලවත් තර්ජනයක් වනු ඇතැයද ඔවුන් පෙන්වාදෙනු ලැබීය.

චීනය ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් වෙළෙඳපොළක් ලෙස පසුගිය කාලයේ පැවැතිනි.

එහි උච්චාවචනයන් බොහෝ විට ක්‍රිප්ටෝ මුදල් වල ගෝලීය මිල කෙරෙහි බලපායි.

චීන නිවේදනයත් සමඟම බිට්කොයින් මිල ඩොලර් 2,000 කට වඩා (ඩොලර් 1,460) අඩු විය.

වසර ගණනක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කල චීන මූල්‍ය අංශ මෙය නරකම මුදල් විශුද්ධිකරණය කිරීමේ ක්‍රමයක් ලෙස මේවන විට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අදාළ මුදල් ඒකකය පොර්ට් සිටිය තුළ භාවිතයට අවසර ලබාදීමෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික බැඳීම්වලට ගැටලු මතුවිය හැකි බව ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka