gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආන්දොලනාත්මක වඳ සැත්කම් කිරීමේ චෝදනාවට ලක්වූ වෛද්‍ය ෂාෆි හිඟ වැටුප් සමග යළි සේවයට

කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්. එස්. එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා කළ අතර ඒ හේතුවෙන් වෛද්‍ය ෂාෆි මහතා 2019 වසරේ මැයි මස 24 වැනි
දින සිට අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණි. වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට වර්ථමාන ආණ්ඩුවට සමීප කණ්ඩායම්වල භික්ෂූන්, දේශපාලනඥයන්, විවිධ මාධ්‍ය ආයතන ආදී විවිධ පාර්ශව චෝදනා කළ අතර එම සිද්ධිය රට තුළ මහතා ආන්දෝලනයක් ඇති කිරීමටත් ජාතිවාදය ඇවිළවීම සඳහාත් මෙම සිදුවීම පාවිච්චි කරන ලදි.

ඔහුට චෝදනා එල්ල කරනු ලැබූවන් අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු වෛද්‍යවරු මෙන්ම කුරුණෑගල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රධානියෙකු සිටි බවද පැවසේ. මේ කණ්ඩායම් වල සහය ලැබූ මව්වරුන්ම වෛද්‍ය එස්. එස්. එම්. සාෆි මහතා විසින් තමන් වඳභාවයට පත්වූ බවට චෝදනාත් එල්ල කළ අතර විශාල පිරිසක් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.

මෙම චෝදනා මැතිවරණයක් ඉලක්ක කර ජාතිවාදී ප්‍රචාරණයක් වෙනුවෙන් පාවිච්චි කළ බවට විවේචන පැවති අතර ඒ දිනවල මාධ්‍ය තුළ විශාල පුවත් මැවූ නමුත් එම අපහසුතාවයට ලක්වූ කිසිවෙකු අධිකරණයට ගොස් අදාළ වැරදි ඔප්පු කිරීමට මේ දක්වා කටයුතු කර නැතැයිද පැවසේ. වෛද්‍යවරයා දිගු කලක් සේවයෙන් ඉවත්ව තැබීම නිසා ඔහුගේ සේවය කුරුණෑගල ශික්ෂණ රෝහලට අහිමි වූ අතර අද ලැබුණ තීන්දුවෙන් පසු වෛද්‍ය ෂාෆි නැවත වැඩ අරඹනු ඇත.
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka