gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනාගේ සටන පල දරයි! එළවළු වැවූ ගොවියො ගංජා වවන්න පටන් ගනී! දෙන්නෙක් අල්ලලා හම්බන්තොටින්!

මත්තල පොලිස් වසමට අයත් වැවේගම වැව අසල කැලයේ අක්කර භාගයක හා අක්කර කාලක ගංජා හේන් දෙකක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු ගංජා ගස් 2195ක් සමග ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

මත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් වැවේගම වැව ආසන්න කැලයේ ගංජා හේනක් ඇති බවට මත්තල පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්තල පොලිස් ස්ථානාධිපතිවරයා නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇත.

අක්කර භාගයක පමණ කොටසක ගංජා වගා කර තිබූ 46 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරකට අනුව ඒ ආසන්නයේම තිබී තවත් අක්කර කාලක පමණ ගංජා හේනක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පැවසුවේ වගා කිරීමට පොහොර නැති නිසා ගංජා හේනක් සකස්කළ බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහෙස්ත්‍රාත්අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අත්අඩංගුවට පත් ගංජා අධිකරණයට ඉදිරිපත් කිරීමට සාම්පල ලබා ගැනීමෙන් පසු ගිනි තබා විනාශ කරන ලදි.

අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සදහන් කර සිටියේ ලංකාව තුළ කංසා වගාව නීතිගත කළ යුතු බවකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka