gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනය සජිත් දෙසට හැරෙයි! ලංකාවේ මිනිස්සුන්ට හුස්ම දෙන්න කෝටි දෙකක් එක සැරෙන්ම දෙයි!

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් මෙරට රෝහල්වල සෞඛ්‍යය නගාසිටුවීම අරමුණු කොට ගනිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහන පිළිබඳව ස්වකීය ප්‍රසාදය සහ, සතුට පළ කරමින් චීන රජය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් එම වැඩසටහනට සුවිශේෂී පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.

ඒ අනුව වකුගඩු ආශ්‍රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින Kidney Dialysis Machine සදහා රුපියල් ලක්ෂ එකසිය අනූහයක මූල්‍ය ආධාරයක් ලබා දීමට චීන රජය අද (22) කටයුතු කළහ.

එය සහමුලින්ම ණය මුදලක් නොවන පරිත්‍යාගයක් බව චීන නියෝජිතයින් පැවසීය.

මෙම ආධාර මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැති සාකච්ඡාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිරන්තරයෙන් අවධාරණය කළේද තම රටේ පුරවැසියන් වෙනුවෙන්  ණය මුදලක් වෙනුවට පරිත්‍යාගයක් ලබා දෙන ලෙසය. අදාල වැඩසටහන ඒ පවත්නා විනිවිදභාවය විනිවිදභාවය පිළිබඳව දැඩිව පැහැදීමට පත්ව සිටින තමන් මෙම පරිත්‍යාගය ලබාදෙන බව පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද හුස්ම සමාජ සත්කාර වැඩසටහන මේ වන විට අදියර තිස් හතරක් පවත්වා තිබේ.

ඒ හරහා රෝහල් වලට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ලබාදීමට කටයුතු කරන ලද අතර ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්‍රශස්ත ලෙසත් එම කටයුත්ත සිදු කරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇතැයි  කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මහතා පැවසීය.

මේ පිළිබඳව ස්වකීය අවධානය යොමු කළ චීන රජය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කොට අදාල පරිත්‍යාගය සිදු කිරීමට තීරණය කරනු ලැබීය.

මෙරට ජනතාවගේ සුභසිද්ධිය සහ සෞඛ්‍යය වර්ධනය කිරීම වෙනුවෙන් චීනය ලබා දුන් මෙම පරිත්‍යාගය පිළිබඳව ස්වකීය කෘතවේදීත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් පුද කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, සම්ප්‍රදායක විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික කැපවීම සමගි ජන බලවේගය ආදර්ශයෙන්ම පෙන්වන බව පැවසීය.

ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් නොකළ සංවර්ධන කටයුතු රැසක් බලය නැතිව පවා ඉටු කිරීමට තම පක්ෂයට හැකිවූ බව පැවසූ විපක්ෂ නායකතුමා තමත් සිදුකරන්නේ දේශපාලනය වෙනුවට දේශසේවය බවද පැවසීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 34 ක් තුල ලක්ෂ 1016ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka